වීදුරු ගැටෙන හඬ පරයා ඇසෙන හිනා හඬත් , එකිනෙකා යටපත් කරමින් ඇසෙන පැටලුනු ගොරෝසු හඩවලුත් අතරින් මා සවන් යොමු කර සිටියේ වසා ඇති දොරෙන් එපිට ලෝකයටයි. ඇය කොයි මොහොතේ හෝ ඇගේ පුංචි අත මිටි කර දොරට තඩිබානු ඇත. පරොස් මුහුණින් යුතුව මා දෙස බලනු ඇත.
“ කෝ බන් උඹෙ බයිටෙක ....දැන් බෝතලේ ඉවරෙන්නත් ළඟයි නෙ මචන් “
“ ඉදහන් මං බලන්නම් “
වසා ඇති දොර ඇරියා පමණි. බදුනක් අතින් ගත් පුංචි කෙල්ල , ඊට පිටුපසින් ඇගේ හමුදාව වන් ඇගේ කුඩා නැගණියන් තිදෙනා.ඔවුන් මෙතැනට පැමිණ බොහෝ වෙලාවක් සිටින්නට ඇතැයි මට හැඟී ගියේ බාලම එකීගේ මුහුණ මා දැක පිපෙන අයුරු දුටු විටයි.... . මැද කෙල්ලන් ගේ මුහුණු හැඟීම් රහිතව ද ,සැමට ඉදිරියෙන් සිටින වැඩිමහලු කෙල්ලගේ මුහුණ තරහින් ද පිරිලාය.
“ ආහ් .....මෙන්න ..........බීලා මැරිය “
මගේ දෙනුවන් හිල් කරමින් බලා , අතේ ඇති බදුන සෘජු දෑතින් දික් කල ඈ. මා එය අල්ලා ගන්නටත් ප්‍රථමයෙන් හැරී ඇගේ හමුදාවට අණ දුන්නීය.
“ මෙන්න මෙහෙ වරෙල්ලා යන්න “
පොඩි එකිය මා දෙස බලා සමුගන්නට එසවූ අත අල්ලා මිරිකා , වේදනාවට පත් කරමින් හඩවමින් ඈ ඇද ගෙන ගියේ පොඩි එකී නොව මා බව මට සිතේ......................
No comments:
Post a Comment