" The Story of a Real Man "

Saturday, January 14, 2017

5

4 - පරිච්ඡේදය සැන්දෑව රසවත් කළ බැඩ්මින්ටන්

4 - පරිච්ඡේදය
සැන්දෑව රසවත් කළ බැඩ්මින්ටන්

====================================

ඇගේ නිවසේ සිට මා තාවකාලිකව ලැගුම් ගෙන සිටි නවාතැනට ඇත්තේ හූවක දුරකි. රාජකාරි ස්ථානයට ද ඉතාම ආසන්න බැවින් සතියේ ඇතැම් දිනවල දී ද හවස් කාලයේ මද විවේකයක් ලබා ගැනීමට හැකි වීම සතුටට කරුණකි.

එදින ඉන්ස්පෙක්ශන් දිනයක් වූ බැවින් ගත දා නිවා ගැනීමට ස්කොච් බෝතලයක් ද සමඟින් නාන කාමරයට රිංගූ මම ටබ් එකට ජලය පුරවා එය රිසි සේ පෙණ නැගෙන්නට ඉඩ හැර ඒ පෙණ ගොඩෙහි ගිලී සැඟවී ගත්තෙමි.

ස්කොච්බෝතලය වූයේ නාන ඔරුවේ සිට අත දිග මානයේ ය.ගත වෙහෙස පෙණ බුබුලේ දියවෙන්නට පටන් ගනිද්දි දැනුන සැහැල්ලුව සමරනු වස් බෝතලය දෙසට අත දිගු කිරීමට සිතුවා පමණි. යමෙකු මා දෙස බලා සිටිනා බවක් දැනී විවෘතව ඇති ජනේලය දෙසට දෑස් යැවුවෙමි.

විවෘතව ඇති ජනෙල් පියන අතරින් දැරිය මා දෙස බලා සිටිනු පෙනුනි. පෙණ ගොඩෙහි ගිලී ඇති මාගේ සිරුර නොපෙනුනද ගෙල හා හිසත් ටබ් එකෙන් එළිය ට විහිදූ අතත් ජනේලය දෙස සිට බලන්නෙකුට පැහැදිලිව දැක ගත හැකි වෙයි.

“ එනව ද බැඩ්මින්ටන් ගහන්න “ 

දස හැවිරිදි කුඩා කෙල්ලකගෙන් , විසිපස් වියැති වැඩිහිටියෙකුට ලැබුන මේ ඇරයුම පිළිබඳව එක් වරම මා පුදුමව ගියත් ඉන් පසු අවස්ථා වලදී මට හැඟී ගියේ වැඩිහිටියන් පැරදවීමට සමත් තරමේ හැකියාවක් ඈ සතුවන බවයි.

ඇගේ ආරාධනාව පිලිගනිම් දෝ නොගනිම් දෝයි දෙගිඩියාවෙන් පසු වන අවස්ථාවේ දී , ඇගේ නෙත මා බෝතලය ගැනීමට දිගු කල දෑත දිගේ ගොස්  ස්කොච් බෝතලයේ නතර වී තිබුණි.

“ මට ටික වෙලාවක් දෙන්න , මං එන්නම් සෙල්ලම් කරන්න “

“ නෑ නෑ ඔනේ නෑ . . . . . මං දන්නවා ඔයා මොනාද කරන්නෙ කියලා. බොනවනම් එන්නෙපා මා එක්ක සෙල්ලම් කරන්න “

ඇය වහා හුන් තැනින් ඉවත්ව දිව යන්නට වූවා ය.

“ නෑ නෑ . . . . මම බීවේ නෑ.... බොන්න හැදුවා විතරයි. ඉන්න මං එන්නම් සෙල්ලම් කරන්න “ 

දිව යන ඇයට ඇසෙන සේ මම උස්ව හඩින් වහා වහා පැවසූ වේ ඇගේ ඉවත් වීම සිතට දුකක් ගෙනා නිසා වන්නට ඇත.

ඉන් පසු සෑම විවේකී සන්ධ්‍යාවක දී ම  වැඩිහිටි තරුණයෙකු සහ කුඩා දැරියක බැඩ්මින්ටන් සෙල්ලම් කරනු ඒ නිවෙස අසලින් යන ඕනෑම කෙනෙකුට දැක ගත හැකි විය. ඒ සෑම දිනකම පාහේ ඇරයුම ලැබුනේ ඈගෙනි.


නමුත් එක් දිනක් , මා විසින් ඇයට ඇරයුම් කිරීම ඇය ප්‍රතික්ෂේප කරන ලෙසින් කතා කලත් ඇය මා සමඟින් සෙල්ලම් කිරීමට නොපැමිණ සිටියේ නැත.

“ඔයා දන්න ව ද? ඔයාට මෙහෙම ලේසියෙන් කෙල්ලෙක් හම්බෙන්නෑ බැඩ්මින්ටන් ගහන්න. අනික කතා කරපු ගමන් සෙල්ලම් කරන්න එන්න මං කවුරු කියල ද ඔයා හිතුවේ “

එදින බැඩ්මින්ටන් වට කිහිපයක්ම අවසන් වන තෙක් සෙල්ලම් කර ද ඒ සෑම වාරයක දීම මෙන්ම ක්‍රීඩාව අවසන් වන තෙක්ම ඇගේ මේ එකම කියවිල්ල ට කිහිප විටක්ම සවන් දීමට මට සිදු විය.


ඇත්ත වශයෙන්ම එය  ආරම්භයේ ,  මුලාරම්භයයි...

No comments:

Post a Comment