" The Story of a Real Man "

Saturday, January 14, 2017

8

පෝනි ටේල් කෙල්ල.- The Girl With a Ponytail (01)


" ටිකක් දුරින් නෑයො වෙච්චි ඒ ලස්සන ගෑණ්ළමය දිහා මගේ අවධානය යොමු වුනේම නැති තරම්. පැහැයෙන් රතු කෙල්ලෙක් වෙච්චි එයාගෙ මම කැමතිම වුනේ කොණ්ඩෙ ට. 

කෙටි කොණ්ඩයක් වුනත් ඔළුව පිටිපස්සට වෙන්න ටිකක් උස්සල බදින, ලස්සන පෝනි ටේල් එක මට තවම මතකයි.."

" එක සැරයක් එයාව දැකපු කෙනෙක් දෙවනි තුන් වෙනි සැරේටත් හැරිල බලනවා.ඒත් නිතර නිතර එයාගේ ගෙදර ළඟම ගෙදරට මගේ හොඳම යාළුවා මුණ ගැහෙන්න යද්දි අහම්ඹයෙන් නිතර නිතර එයාව හමුවුනත් මගේ අවධානය දිනා ගන්න එයාට බැරි වුනා . "

එහෙම කීවේ  මේ කතාවේ කොල්ලා.

ඒත් පස්සෙන් යන , තිස්සෙම බලන කොල්ලන්ට වඩා “ආඩම්බරකාර කොල්ලන්ට“ කෙල්ලන් කැමති. එහෙම කීවෙත් මේ කතාවෙ කොල්ලා.

කෙල්ල ගැන වැඩි විස්තර කියන්න කලින් , මම කැමති මේ කතාවේ කොල්ල ගැන පොඩි විස්තරයක් කරන්න. 


කඩවසම් කොල්ලෙක් කියල කියන්න බැරි වුනත් ගැහැණුන්ගේ ආකර්ශනය දිනා ගන්න පුළුවන් යමක් ඔහු ළඟ තිබිල තියනවා. අද ඔහු මැදිවිය අග්ගිස්සෙ හිටියත් ඔහු ළඟ ගැවසෙද්දි අදටත් ශේෂ වුනු ඒ කාන්තිය මටත් දැනිල නැත්තෙම නැහැ.


තරුණ කාලයේ දී එයාගේ වටේ පිටේ හිටපු අය ගෙන් එයා ගැන ඇහුව නම් කියන්නේ “ ඌ ද , ඌ මහ සල්ලාලයා. බේබද්දා “කියලා. එයාල හිතන් ඉදල තියෙන්නෙ මේ කියන කොල්ලගේ අංක එක ගෑණු කියලා. ඒත් මම දන්න තරමින් ඔහුගේ අංක එක පොත් , දෙක අරක්කු , තුන තමා ගෑණු.

මම දන්න තරමින් ඔහු ගෑැහැණූන්ට ගෞරව කරා. නමුත් අර මම කලින් කීව මොකක් දෝ දෙයක් නිසා ඔහුට ආකර්ශනය වෙන ගැහැනුන්ව නම් ඔහු අතෑරියා කියල මට හරියටම කියන්න බෑ. 

වරක් ඔහු වැඩ කරන තැන දි ලස්සන ගැහැණු ළමයෙක්ව බලෙන් සිප ගෙන තිබුනා.ගැහැණු ළමයගෙ ප්‍රතිචාරය වුනේ “ අයිය නිසා මට මුකුත් කියන්න බැහැ. නැත්තම් මම ගහන්නෙ සෙරෙප්පුවෙන් “ කියලා.

එදා සෙරෙප්පුවෙන් ගැහැව්වෙ නැති නිසා ආයමත් ඒ ගැහැණු ළමයව ඉඹින්න කොල්ලට අවස්ථාව ලැබුනා. ඒ වෙලාවෙදි නම් එයා කියල තිබ්බේ “ කවුරු හරි දකී අයියා “ කියල විතරමයි.

සල්ලාල ජීවිතේ ගැහැණූන්ගෙන් අඩුවක් නැති වුනත් එයා ආදරය කලේ එකමෙක ගැහැණියකටයි කියල මේ කතාව ලියන මම දන්නවා.

අන්න එතනදි මට ආපහු මතක් වෙන්නේ ෆ්ලොරෙන්ටිනෝ අරීසා  . දහසක් සමඟ යහන්ගත වුනත් ආදරේ එක ගැහැණියකට. 



ඉතින් අර ලස්සන  පෝනි ටේල් කෙල්ල ගැන මේ කොල්ලගෙ අවධානයක් නැති වුනත් ගමේ හැම කොල්ලෙක්ගෙම අවධානය  ඒ කෙල්ලට හිමිවුනා.

නොසිතූ විදිහට දවසක මේ කොල්ලගෙ අවධානයත් ඒ කෙල්ල ට දිනා ගන්න පුළුවන් වුනා.ඒ කොච්චරක්ද කියනව නම් , එදා  ඉදල අවුරුදු ගාණක් ගිහිල්ලත් මේ කොල්ලට ඒ දවස තාමත් මතක යි.

අනිත් දවසෙ ඒ කතාවත් එක්ක හමුවෙමු.............

No comments:

Post a Comment