" The Story of a Real Man "

Saturday, January 14, 2017

4

3 - පරිච්ඡේදය පාඩම් වේලාව - Reading Time

ඒ පුංචි කෙල්ල " N " ට සෙනෙහසින් තිළිණ කරමි.
---------------------------------------------------------------------------
3 - පරිච්ඡේදය
පාඩම් වේලාව - Reading Time
--------------------------------------------------





ඇගේ නිවෙසේ ගෙවන මගේ විවේකී වේලාව , ඇගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය ට යෙදවීම සඳහා යෝජනා වූයේ ඇගේ පියා විසින් වුවත් එය ඇගේම බල කිරීම සහ උවමනාව මතම සිදු වූවක් බැව් මගේ සිත කියයි.


මා නිවසේ විවේකීව පසුවන වේලාවක් ගැන විමසිල්ලෙන් සිටිනා ඇය පොත් කීපයක් ද ලැමට තුරුළු කර ගෙන මා සොයා එන්නීය.


“ අනේ අයියා මට මේටික තේරෙන්නෑ. කියල දෙන්න පුලුවන් ද? “ 

ඇය අසන්නේ මගේ විවේකය සොරා ගැනීමේ කිසිදු චේතනාවක් ඇ සතුව නොමැති බවත් හුදෙක්ම මෙය ඇගේ සුවසෙත සඳහාම කෙරෙන කටයුත්තක් බවත් හඟවමිනි.

කාර්යය ආරම්භයේ දී එය හුදෙක්ම අධ්‍යාපන කටයුත්තක් වූව ද දිනෙන් දින ගත වත්ම ඇයට උවමනා වූයේ මා සමීපයේ සිටිමින් මගේ අවදධානය ඇය වෙත ලබා ගැනීමත් මාගේ විවේකි කාලයට හවුල් වෙමින් ඇගේ සමාගමය මට ලබා දීම පිණිසමත් වෙන් විය.

ඇගේ අරමුණ කුමක් වූව ද ඇයට පාඩම් කියා දීම මා විසින් සිදු කරන ලද්දේ අවංක චේතනාවෙන් සහ සැබෑ සතුටකිනි. 

ඇගේ දඟකාරකම් හමුවේ නොසැලුන සිත , ඇය විසින් කිහිප විටක් සිදු කරන වැරදි හමුවේ තරමක කෝපයට ද පත් වේ. එවැනි විටෙක,

 “ ගොන් . . . . . තමුසෙට දැන් කී සැරයක් කීයල දුන්න ද? ආයෙත් වරද්දලා “ 


සිනාවෙන් පසුවන ඇගේ වත ඒ වදන් හමුවේ එක වරම අදුරු වන අතර ලියමින් සිටින පොත වසා මේසය පුරා විසිරි ඇති ඇගේ පොත් පත් සියල්ලත් ඇගේ කුඩා අඩුම කුඩුම සියල්ලත් ඇය වෙතට එකතු කර ගන්නේ කඩි මුඩියෙනි. හිද ගෙන සිටින අසුන වැරෙන් පසු පසට තල්ලු කරන ඇය මා කිසිවක් පැවසීමටත් ප්‍රථම යෙන් ඇගේ කාමරය වෙත දිව යයි.


ඉන් පසු එළඹෙන්නේ නිහඩ සමයයි.ඇගේ සිනා , ඇගේ කතා , මා පසු පස යනෙන ඇගේ දෑස් නොමැතිව සැබැවින්ම මට දැනේනේ පාළුවකි. ඇය මා සමඟින් දින ගණන් කතා නොකර සිටින්නීය. ඈ පමණකුදු නොව. ඇය ඇගේ කුඩා සහෝදරියන් තිදෙනාට ද මා සමඟින් කතා බස් කිරීම මෙන්ම මා සමඟින් ඇසුරු කිරීමට තහනම් පනවන්නීය.


ලොක්කී සභාපතිනිය වන සංගමයේ සාමාජිකාවන් තිදෙනා ගෙන් දෙදෛනකු ඇගේ තහනම අකුරට පිලිපැද්දද කුඩාම දැරියට එය දරා සිටීය නොහැකි වේ.


ඇය හා කතා කිරීමට මා ගන්නා සියළු උත්සාහයන් නිශ්පල වන විට වයස අවුරුදු තුනක් පමණ වන ඇගේ කුඩා සහෝදරිය විසින් මේ සියළු එදිරිවාදිකම් බිද හෙලීමට ප්‍රථම පියවර ගනී. මා දෙස බලමින් හොරෙන් සිනා සලමින් ඇඹෙරෙමින් සිටින ඇය , මා වෙත විත් මගේ ඔඩොක්කුවට පනින්නේ 

“ කවුරු නැතත් මං ඔයාත ආදලෙයි නේ අන්කල් “ යැයි පවසමිනි.

No comments:

Post a Comment